Sunday, February 20, 2011

Make a Folder a Virtual Hard Drive

ඕනම Folder එකක් virtual partition එකක් කරගනිමු

පරිගණකයේ තියෙන ඕනෙම ගොනුවක් මේ විධියට අපිට Computer window එකේ hard disk එකක් විදියට පාවිච්චි කරන්න හදා ගන්න පුලුවන්. ඒ මෙහෙමයි:

Command Prompt එක විවෘත කරගන්න.
(WindowsKey + R ඔබලා cmd කියලා type කරලා enter කරන්න)

මේ command එක ඔයාලට ඕනෙ විදියට සකස් කරලා enter කරන්න:

> subst <අළුත් disk එකේ අකුර> <අදාල ගොනුවට path එක>

එච්චරයි!

තේරුන් නැද්ද? මේ උදාහරණෙ බලන්න..

මෙන්න මෙහෙම hard disk partitions ටිකක් තියෙනවා:

මේ තියෙන්නෙ Other(E:) කියන ඇත්ත partition එකේ තියෙන ගොනු දෙකක්.


ඕකෙන් Software කියන එක virtual hard disk එකක් කරන්නයි ඕනෙ. Drive letter එක විදියට S: අකුර යොදාගෙන ඒකට ලියපු අණ (command එක) තමා මේ:


අවවාදයයි: නව අකුර simple විය යුතුමය
දැන් Hard Drives තියෙන තැන බැලුවොත් මෙහෙම පෙනෙයි:



Other (S:) කියලා අළුත් එකක්! ඒක double-click කලාම open වෙන්නෙ E:\Softwares කියන ගොනුව.
දැන් හරි නෙ?

අහ්! තව දෙයක්.. ඒක එපා නම් අයින් කරන්න මෙහෙම කරන්න:


No comments:

Post a Comment

මොනාද හිතුනෙ ආ..