Sunday, November 27, 2011

Command Prompt එක අපිට ඕනෙ තැනින් පටන් ගමු

අපි සාමාන්‍යෙන් Start > All Programs > Accessories > Command Prompt ගිහින් open කර ගන්න Command Prompt (CP) එක පටන් ගන්නෙ C:/users/username කියන තැනින් නෙ


ඊට පස්සෙ අපිට ඕන path එකට හදා ගන්නවා. වැඩියක්ම programming වැඩ වලට මේක පාවිච්චි කරන අයට ඒ ගැන අත්දැකීම් ඇති, CP එක open කරන වාරයක් පාසා ඕක set කරන්න එපැයි! එහෙම නැතුව ඔයාලට පුලුවන් ඒ ඕන path එකෙන්ම CP එක පටන් ගන්න විදියට සකස් කරන්න.  
ඒ ගැන නොදැන හිටිය නම් ඒ අයට මේ ලිපියෙන් වැඩක් වෙයි :)

ක්‍රමය

CP එක copy කරගන්න.


ඊලඟට ඔයාට පහසු තැනකට (උදා: Desktop) ගිහින් paste කරන්න. 
දැන් ඒ අලුත් shortcut එක right-click කරලා Properties යන්න.
Properties වල Start in සඳහා තියෙන textbox එකට අර පටන් ගන්න ඕන folder එකේ path එක දෙන්න.



දැන් ඒ අලුත් shortcut එක double click කලාම ඒ folder එකෙන් ම CP එක පටන් ගනී.

සැලකිය යුතුයි:


CP එක කොපි කරනකොට Start button එක උඩ තියෙන Search box එකේ cmd ගහලා එන එක කොපි කලොත් කොපි වෙන්නෙ application එකක්, shortcut එකක් නෙවි. ඒකෙ Start in location එක වෙනස් කරන්න බෑ. ඔයා paste කරන folder එකේ path එකෙන් තමා CP එක පටන් ගන්නෙ.

ඔන්න ඕකයි කතාව. Command Prompt එක නිතර පාවිච්චි කලත් මේ ගැන නොදැන හිටපු අයට වැදගත් වෙයි. ඒ ගැන සැකයක් ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න. 

හැමෝටම සුබ දවසක්!

Thursday, November 17, 2011

Lecture slides ලස්සනට print කරමු

දැන් කාලෙ ගොඩක් කැම්පස් වල lectures කරන්නෙ Powerpoint slides හදලා projector එකක් පාවිච්චි කරල නෙ. ඒ ගැන විස්තර කියන්නෙ නෑ මං, ඔයාල දන්නවනෙ. මේ slides බොහෝ විට ළමයින්ට ලැබෙනවා. ඉතින් කට්ටිය කරන්නෙ ඕවා print කර ගන්න එකනෙ. ඔව් ඒක තමා හොඳම විසඳුම. Computer එකේ තියන් ඕව බලනවා කියන්නෙ මහ එපා වෙන වැඩක් නෙ.

සාමාන්‍යන් ඒ වගේ lecture slide එකක slides 10-12 ක් වගේ හෝ 60-70 ක් වගේ උනත් තියෙනවා. ඕවා ඉතින් පිටුවට එක ගානෙ print නොකර අපි කරන්නෙ MS Word layout එකෙන් එක පිටුවට slides 4,6 හෝ 9 ක් එන්න හදලා ප්‍රින්ට් කරන එකනෙ. ඒ උනාට Word වලින් ඔහොම කරන එක තේරුමක් නෑ. මොකද පිටුවකට 6ක් ගත්තත් බොහොම පොඩියට වදින්නෙ. පාඩම් කරන්න ගියාම එපා වෙනවා.
MS Powerpoint- Slides 9ක් එකට
ඔහොම නැතුව මේ වගේ ලොකුවට print කර ගත්තොත් නම් වැඩේ ගොඩනෙ. ගානත් ඉතුරුයි, නෝට් එකත් පැහැදිලියි. :)


ඔය උඩ රූප දෙකම A4 ප්‍රමාණයේ පිටු. image කරලා පොඩි කරන කොට පරිමාණ පොඩ්ඩක් වෙනස් වෙලා. ගනන් ගන්න එපා!

තව විස්තර ඕනෙ නෑ, මෙහෙම ලස්සනට අපේ Powerpoint slides ටික print කරන්න උපාකාරී වෙන්නෙ PrimoPDF කියන නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක www.primopdf.com කියන වෙබ් අඩවියෙන් නොමිලෙම බා ගන්න පුලුවන්.


බාගත කරගෙන install කර ගත්තම මේක පෙන්නන්නෙ printer එකක් විදියට:


හරි! දැන් ඊලඟ පාර PP slides print කරනකොට printer එක හැටියට මේක තෝරන්න:


ඊලඟට ඔය එතනම පහලින් තියෙන Printer Properties වලට ගිහින් පිටුවකට ඕන slides ගාන දෙන්න. පිටුවකට කොච්චර දෙනවද කියලා ඔයාලා තීරණය කරන්න.

ඕක OK කරලා Print button එක ඔබන්න. එන window එකේ default button එක හෙවත් Create PDF click කරලා එන window එකේ file path එක ලබා දෙන්න. 

දැන් ඒ දුන්න පාත් එකේ අදාල PDF එක හැදිලා ඇති (path එක OK කලාම file එක open වෙනවා). දැන් කරන්න තියෙන්නෙ ඒ PDF එක අරන් normal printer එකක A4 size එකෙන් print කර ගන්න. 
එච්චරයි!

link එක: ෴ මෙතන ෴

ප.ලි: මේ විදියට slides print කරන එකට අමතරව PrimoPDF එක මට නම් ගොඩාක් උදව් වෙලා තියෙනවා. ප්‍රධාන ම වටිනකම තමා ඒක මුළු computer එකටම printer එකක් ලෙස ක්‍රියා කිරීම. ඒකෙන් web page එකක් right click කරලා Print.. දුන්නත් ඒ පිටුව PDF එකක් හැටියට Save කර ගන්න පුලුවන්. ඒ වගේ. පාවිච්චි කරල ම බලන්න. :)