Tuesday, February 15, 2011

Get rid of an unwanted FaceBook Application

FaceBook application එකක් සදහටම අයින් කරමු

යාලුවෙක් request කරපු පලියට accept කලත් අපිට මෙලෝ වැඩකට නැති applications වලට ඕන තරම් අපි register වෙලා ඇති. Register උනාට පස්සෙ ඒවයින් එවන එක එක විදියෙ requests වලින් එන Notifications මහා කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවා.
ඒ වගෙ වෙලාවලදි ඉතින් පුරුදු පරිදි FaceBook එකට හරි ඒ requests එවන කෙනාට හරි බනින්නෙ නැතුව කරන්න තියෙන හොඳම දේ තමයි ඒ application එකෙන් හරි විදියට අයින් වෙන එක. ඒක කරන්නෙ මෙහෙමයි:

Facebook පිටුවල උඩ දකුණු පැත්තෙ තියෙන Account කියන tab එකෙන් Privacy Settings කියන එක තෝරන්න.

ඒ එන පිටුවෙ පහළ තියෙන Apps and Websites කියන link එකට යන්න (Edit Your Settings click කරන්න).

එතකොට එන පිටුවෙ Apps you use කියන කොටසෙ යටින් තියෙන Remove unwanted or spammy apps කියන link එකට යන්න. (Edit Settings කියන button එක එබුවත් හරි)

දැන් පෙනෙයි ඔයාලා register වෙලා ඉන්න apps list එක. හැම app එකක් ඉස්සරහම  කියලා කොටස පේනවනෙ. ඔය ලැයිස්තුවෙන් ඔයාට එපා කරපු apps තෝරලා ඒ තියෙන කතිරෙ click කරන්න.

එත්කොට එන box එකෙන් Remove තෝරන්න.


වැඩේ හරි!


ඔයාලා ඇබ්බැහි වෙලා ඉන්න games වලින් ටික කාලෙකට හරි ඈත් වෙලා ඉන්නත් මේ ක්‍රමේ යොදා ගන්න පුලුවන්. මේ විදියට අයින් කරපු game එකක් ආයෙ පටන් ගත්තොත් අර කලින් නවත්තපු තැන ඉඳන් තමා පටන් ගන්නෙ. ඒ කියන්නෙ හිතන්නකො ඔයා Barn buddy පිස්සෙක් කියලා. ඒක දකින දකින වෙලාවට යන්න හිතෙන නිසා නවත්තන්න හිතුනා.. මේ විදියට කරලා level 200 දි app එක remove කලා නම් ආයෙ අවුරුද්දකින් විතර app එකට register උනොත් level 200 ඉඳන් කරගෙන යන්න පුළුවන්.. :)

ඔයාට එපා කරපු game ගහන යාලුවන්ට බනින්නෙ නැතුව මෙහෙම කරලා බලන්න.. යාළුවාත් FB එකත් දෙකම හිමි වේවි!

1 comment:

මොනාද හිතුනෙ ආ..