Tuesday, March 27, 2012

Mouse Wheel එකේ වැඩ කිඩ

ඔයා මේ ලිපිය කියවන්නෙ පරිගණකයකින් නම් දැනටමත් එක අතක් ඇත්තෙ mouse එක උඩ! නැද්ද? ;) ඉතින් අපිට නැතුවම බැරි මේ හුරුබුහුටි පරිගණක උපාංගයේ ගොඩ දෙනෙක් නොදන්න mouse wheel එකේ වැඩ දෙක තුනක් කියන්නයි හැදුවෙ.


මේ රෝදෙන් අපි ගන්න ප්‍රයෝජනේ තමා මොකක් හරි ලිපියක / වෙබ් පිටුවක ඉහල පහල යාම. හරි තව වැඩ තියෙනවා තමා, ඔක්කොම කියන්න බෑනෙ. මේ කරුණු දැන ගෙන හිටියද බලන්න..

1. වෙබ් පිටුවල ඇති ලින්ක් එකක් උඩ mouse pointer එක තබා wheel එක click කල විට ඒ ලින්ක් එක browser එකේ අලුත් ටැබ් එකක විවෘත වේ (similar to Right click > 'Open in a new tab' option)

2. දිගු වෙබ් පිටුවක හෝ වෙනත් ලිපියක (Word, pdf ආදී) mouse wheel එක මත click කර mouse එක හැසිරවීමෙන් එම පිටුවේ ඉතා ඉක්මණින් ඉහල පහල යා හැක.
ඉහල පහල කිව්වට මේ විදියට ඒ click කරපු තැන ඉඳන් වටේටම බලා ගන්න පුලුවන්. click කරපු  තැන බලන්න.. මේ වගේ  හතර පැත්තටම ඊතල එනවා. කරලම බලන්න

3. Keyboard එකේ Ctrl key එක press කරගෙන wheel එක කරකැවීමෙන් එම පිටුව විශාල හෝ කුඩා කර ගත හැක.

නොදැන හිටිය නම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා. කියපු විදිය තේරුන් නෑ වගේ නම් හිත හිත දුක් වෙන්න එපා, කරලම බලන්න... ජය වේවා!

15 comments:

  1. සිරාවටම මම ඕපන් නිවු ටැබ් ගත්තේ සාමාන්‍ය ක්‍රමේට. පට්ටනේ කවදාත් ලින්ක් එකක් උඩ තියල මීයාගේ වීල් එක ගහලම නෑ. මරේ මරු. කියල දුන්නට ස්තුතියි.! - වසන්ත -

    ReplyDelete
  2. බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. නියමයි... ඕක හිතුනෙම නෑ කවදාවත්

    ReplyDelete
  4. 1 යි 3 යි දැන ගත්තේ අද.. බොහොම ස්තූතියි..

    ReplyDelete
  5. tab එක උඩ wheel click කලාම tab එක close වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒක මාත් දැනුයි දැන ගත්තෙ. බොහොම ස්තුතියි!

      Delete
  6. මේ ටික නම් දැනගන හිටියා මචන්,නමුත් මරු...
    දන්නේ නැති අය ඉගන ගන්න ඇති.
    ස්තුතියි යාලුවා.




    www.laknaa.com

    ReplyDelete
  7. comments වලට බෝම ස්තුතියි! :) :)

    ReplyDelete
  8. Thank you very much [ I do not know Sinhala typing ] very useful tips.

    ReplyDelete
  9. ඇත්තටම අපූරුයි..තැන්කූ මතන්...

    ReplyDelete

මොනාද හිතුනෙ ආ..