Sunday, November 27, 2011

Command Prompt එක අපිට ඕනෙ තැනින් පටන් ගමු

අපි සාමාන්‍යෙන් Start > All Programs > Accessories > Command Prompt ගිහින් open කර ගන්න Command Prompt (CP) එක පටන් ගන්නෙ C:/users/username කියන තැනින් නෙ


ඊට පස්සෙ අපිට ඕන path එකට හදා ගන්නවා. වැඩියක්ම programming වැඩ වලට මේක පාවිච්චි කරන අයට ඒ ගැන අත්දැකීම් ඇති, CP එක open කරන වාරයක් පාසා ඕක set කරන්න එපැයි! එහෙම නැතුව ඔයාලට පුලුවන් ඒ ඕන path එකෙන්ම CP එක පටන් ගන්න විදියට සකස් කරන්න.  
ඒ ගැන නොදැන හිටිය නම් ඒ අයට මේ ලිපියෙන් වැඩක් වෙයි :)

ක්‍රමය

CP එක copy කරගන්න.


ඊලඟට ඔයාට පහසු තැනකට (උදා: Desktop) ගිහින් paste කරන්න. 
දැන් ඒ අලුත් shortcut එක right-click කරලා Properties යන්න.
Properties වල Start in සඳහා තියෙන textbox එකට අර පටන් ගන්න ඕන folder එකේ path එක දෙන්න.



දැන් ඒ අලුත් shortcut එක double click කලාම ඒ folder එකෙන් ම CP එක පටන් ගනී.

සැලකිය යුතුයි:


CP එක කොපි කරනකොට Start button එක උඩ තියෙන Search box එකේ cmd ගහලා එන එක කොපි කලොත් කොපි වෙන්නෙ application එකක්, shortcut එකක් නෙවි. ඒකෙ Start in location එක වෙනස් කරන්න බෑ. ඔයා paste කරන folder එකේ path එකෙන් තමා CP එක පටන් ගන්නෙ.

ඔන්න ඕකයි කතාව. Command Prompt එක නිතර පාවිච්චි කලත් මේ ගැන නොදැන හිටපු අයට වැදගත් වෙයි. ඒ ගැන සැකයක් ප්‍රශ්නයක් තියෙනව නම් කියන්න. 

හැමෝටම සුබ දවසක්!

No comments:

Post a Comment

මොනාද හිතුනෙ ආ..