Wednesday, June 8, 2011

රුවන්වැලි සෑයේ දේවතා එළි! (ද??)

පහුගිය සිකුරාදා (2011 ජූනි 3) අපි අනුරාධපුරේ ගියා. අනුරාධපුරේ ගිහින් බෝධියට නොවැඳ යන කෙනෙක් නෑනෙ. ඉතින් අපිත් එදා හවස රුවන්වැලි මහා සෑයයි ජය ශ්‍රී මහා බෝධියයි වඳින්න ගියා. මෙන්න එදා සෑය ලඟ ලොකු පින්කමක්. පිරිකර 10 000 ක් (ඊටත් වැඩි ඇති) පූජ කරනවා.
ඉතින් ඒකත් බල බල අපි සෑය වටේ යන ගමන් මං පොටෝ ගත්තා. එදා සෑය හරිම ලස්සනයි. ඒ පොටෝ අතර සටහන් වුන මේ පින්තූර දෙක බලන්න:



"ඒ වගේ පින්වත් දවසක දෙවියො නොවැඩ ඉන්න බෑ. මේ ඒ අයම තමයි!", කෙනෙක්ට එහෙම හිතෙන්නත් පුලුවන්.

ඇත්ත: ඒ වෙලාවෙ පොඩ්ඩක් වැස්සා. ඒ ගැන වත් හිතන් නැතුව තමා මේ පොටෝ ගත්තෙ. ඔය වැදිලා තියෙන්නෙ කැමරා කාචයට අහුවුන වැහි බින්දු! :)

මේ වගෙම දූවිලි වගේ අර සාමාන්‍යෙන් රෑ පොටෝ ගන්නකොට කැමරාවලට අහු වෙන රවුම් වගයක් දේවතා එළි කියලා කියනු කතාවක් මතක් උනා මට. ඒකයි මේක දාන්න හිතුනෙ. ඒක ශ්‍රද්ධාව වැඩි කමද කපටි කමද මං දන්නෑ. මොනා උනත් කෙනෙක් කියන පලියට අපි පිළිගන්න ඕනෙ නෑ. ඔලුව පාවිච්චි කරලා හිතලා බලන්නයි ඕනෙ කියලයි මගෙ නම් අදහස. ඔයාල මොකෝ හිතන්නෙ?

ප.ලි: කාට හරි මේ පෝස්ට් එක කියෝල ඩෝං ගියා නං මේ පොටෝ එක බලලවත් හිත නිවා ගන්න.. බලන්න ලස්සන! (ඒකෙත් පොඩි දේවතා එළියක් තියෙනව හැබැයි!)

4 comments:

  1. පින්තූර ටික ලස්සනයි.ගොඩක් වෙලාවට ඔහොම තියෙන්නෙ පිනි කියල මමත් අහල තියනව

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න,එතකොට කමෙන්ට් කරන්න ලේසියි :)

    ReplyDelete
  2. ඔව් ලස්සනයි...

    ReplyDelete
  3. ප්‍රතිචාර තුනටම බොහොම ස්තුතියි!
    නදී කියපු විදියට වෙරිෆිකේශන් අයින් කලා. :)

    ReplyDelete

මොනාද හිතුනෙ ආ..