Thursday, June 14, 2012
19 inch Samsung Monitor එක පාවිච්චි කරන අයට..
Quality ත් හොඳයි size එකත් හරි ගානත් අඩුයි.. අවුලකට තියෙන්නෙ වෙන මොනිටර් වල වගේ brightness, contrast, alignments වගේ settings වෙනස් කරන්න විදියක් නෑ. තියෙන්නෙ power on/off බොත්තමක් විතරයි. මං මේ කියන සැම්සුන් අඟල් 19 මොනිටර් එක තියෙන සහ ගන්න බලපු අය ඔය කතාව දන්නව ඇති.
ඒ වගේ ම දැනගෙන හිටියද Samsung සමාගම මේ අඩුව පුරවන්න හඳුන්වා දීපු විකල්පය ගැන? ඒ තමා MagicTune කියන පොඩි software එක. එයාලගෙ website එකේ කොනක තියෙන්නෙ. ලින්ක් එක පහල ඇති. Download කරන කොට latest Premium version එක බා ගන්න.
ඕක install කර ගත්තම මොනිටරේ settings ඔක්කොම කර ගන්න පුලුවන්. මොනිටරේ තියාගෙනත් මේ ගැන නොදැන හිටිය නම් දැන් ම බාගෙන බලන්න. install කරන හැටි, settings හදන හැටි කියා දෙන්න ඕනෙ නෑ. හරි ම පහසුයි!
කවුරු හරි මොනිටරයක් ගන්න යනව නම් දැන් ම කියන්නෙ, බොත්තං අඩු නිසා එහෙම මේක නොගෙන ඉන්න එපා! දැන් විසඳුම දන්නවනෙ.
එහෙනම් මෙන්න ලින්ක් එක: මෙතනින් යන්න
Subscribe to:
Post Comments (Atom)
http://www.samsung.com/us/consumer/learningresources/monitor/magetune/pop_download.html
ReplyDeletemeken wade thawath lasey
thanks machooooooo..
ඕක ගැන තමා මචෝ මාත් කිව්වෙ :)
Deleteඅපේ ඒවයේ තියනවනේ මචෝ.කොහොම උනත් බට්න් නැති අයට හොඳානේ නේ.
ReplyDeleteඅළුත් 19 inch Samsung Monitor එකේ තමා මේ අවුල. :)
Deleteමම Samsung නෙමේ.. ඒත් තියෙන යහලුවෝ ඉන්නවා උන් දන්නේ නැද්ද කොහෙද.. මම උන්ට කියන්නම්.. එල එල
ReplyDeleteela! :)
Deletenice work man
ReplyDeletemachan me monitor eke price 1 kiyak witarada? mat me dawas wala hoyanawa 1k ekai..Thanks for the details..
ReplyDeleteමං ගත්තෙ 11250/= යුනිටි, TechZone (දැන් නම වෙනස්ද මන්දා). අද තත්වය සලකා කියනවනම් මචෝ මේක ගන්න එපා කියලයි කියන්න වෙන්නෙ. අරන් මාස 5න් screen අවුල් ගියා. මාසයක් තිස්සෙ තියාගෙන අළුත් එකක් හම්බ උනා. ඒත් ඒක අරන් සති දෙකක් නෑ ඔන්න ආයෙත් ඉරක් ගිහින් :( :(
Deleteකඩේ වැරැද්දක් නෙවෙයි මං හිතන්නෙ product එක අවුල්.
ගන්නව නම් Dell වගේ එකක් try කරල බලන්න. ගනන් ලොකු වෙනසක් වෙන එකක් නෑ