Showing posts with label අනම් මනම්. Show all posts

Thursday, June 14, 2012
19 inch Samsung Monitor එක පාවිච්චි කරන අයට..
Quality ත් හොඳයි size එකත් හරි ගානත් අඩුයි.. අවුලකට තියෙන්නෙ වෙන මොනිටර් වල වගේ brightness, contrast, alignments වගේ settings වෙනස් කරන්න විදියක් නෑ. තියෙන්නෙ power on/off බොත්තමක් විතරයි. මං මේ කියන සැම්සුන් අඟල් 19 මොනිටර් එක තියෙන සහ ගන්න බලපු අය ඔය කතාව දන්නව ඇති.
ඒ වගේ ම දැනගෙන හිටියද Samsung සමාගම මේ අඩුව පුරවන්න හඳුන්වා දීපු විකල්පය ගැන? ඒ තමා MagicTune කියන පොඩි software එක. එයාලගෙ website එකේ කොනක තියෙන්නෙ. ලින්ක් එක පහල ඇති. Download කරන කොට latest Premium version එක බා ගන්න.
ඕක install කර ගත්තම මොනිටරේ settings ඔක්කොම කර ගන්න පුලුවන්. මොනිටරේ තියාගෙනත් මේ ගැන නොදැන හිටිය නම් දැන් ම බාගෙන බලන්න. install කරන හැටි, settings හදන හැටි කියා දෙන්න ඕනෙ නෑ. හරි ම පහසුයි!
කවුරු හරි මොනිටරයක් ගන්න යනව නම් දැන් ම කියන්නෙ, බොත්තං අඩු නිසා එහෙම මේක නොගෙන ඉන්න එපා! දැන් විසඳුම දන්නවනෙ.
එහෙනම් මෙන්න ලින්ක් එක: මෙතනින් යන්න
Thursday, April 26, 2012
වෙසක් සමයේ දී බුදු රුවට ගරු කරමු
"මොනාද ළමයො මේ කාඩ් ගොඩ?? වීසි කරලා දාන්නකො.."
ගෙදරකින් ඇහුන පොඩි දෙබසක්. පොඩි දෙබසක් උනත් ලොකු අරුතක්. වෙසක් එකට කාඩ් යවන එක ලොකු කුඩා කොයි කාගෙත් සිරිතක්. වෙසක් කාලෙට ඒ සඳහා ම ඉදි වෙන කඩවල එක එක විදියෙ රූප එක්ක කාඩ් ඕන තරම්. අපිත් ඉතින් වෙසක් නම් ඉතින් බුදු සාදු ම තමා කියලා බුදු රුව තියෙන කාඩ් ම තෝර ගන්නවා. ඊට පස්සෙ කට්ටියට යැව්වයි කියමුකො.. ඊට පස්සෙ??
ඒ ගැන හිතුවෙ නෑ නෙහ්? හිතන්නෙ නෑ අපි ඒ ගැන ගොඩක් වෙලාවට. ඔන්න කාඩ් එකතු කරන කෙනෙක් ට (මං වගේ!) දුන්නොත් ඒක අරන් තියා ගනීවි. නැත්තම් ලස්සනට මේසෙ උඩ හිටෝලා තියයි ටික කාලයක් යනකන්, ඊට පස්සෙ ආගිය අතක් නෑ කාඩ් එක. එක්කො බිම වැටිලා අතු ගාගෙන ගිහින්, නැත්තම් මෙන්න පෑගි පෑගි තියෙනවා, විය හැකියාවන් බොහෝමයි. හිතලා බලන්නකො ඔයාට උනත් මෙච්චර කාලෙකට ලැබුන ඒ වගේ කාඩ් දැන් කොහෙද? ඒවට මොකද උනේ කියලා!
අප මහා බෝසතාණෝ ඒ විදියට සැලකුම් ලැබිය යුතු කෙනෙක් ද? ඇයි අපි ඒ උත්තරීතර බවට, ශ්‍රේෂ්ඨ බාවයට අවමන් කරන්නෙ? බුදු රුව සහිත කාඩ් ලස්සනයි චාම් තමයි. ඒත් ඒකට නිසි ගෞරවයක් ලැබුනෙ නැත්තම්.. අපිටමයි පව් පිරෙන්නෙත්.
බුදු රුව මුද්‍රණය නොවුනත් අලංකාර සිත් නිවාලන සුබ පැතුම් පත් ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. ඉතින් මේ පාර ඉඳන් වත් වෙසක් කාඩ් මිල දී ගන්නකොට පොඩ්ඩක් හිතන්න.
තවත් දෙයක් මතක් කරන්න ඕනෙ කියලා හිතුනා. වෙසක් කාලෙට මේ අන්තර්ජාලෙ සැරිසරන අපි ඔය නිතර යන එන සමාජ ජාල වෙබ් අඩවි වල (Facebook, blogger, twitter, Elakiri, etc.) අපේ නිරූපක රූපය, නැත්තම් profile picture එක වෙනස් කර ගන්නවා. පහු ගිය වෙසක් කාලෙදි මං දැක්කා කිහිප දෙනෙක් ම බුදු රුව තමන්ගෙ profile pic එක විදියට දා ගෙන හිටියා. මේ වැඩේ හරිද??
Profile picture එකකින් වෙන්නෙ තමාව රූපමය විදියට හඳුන්වා දීමක්, නේද? එතකොට අපි අපේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් ඒකට භාවිතා කරන්නෙ කොහොමද? උන් වහන්සේ මෙතෙක් මෙලොව බිහි වුන අසමසම උත්තමයෙක්. ඉතින් එහෙව් පූජනීය රුවක් අපි භාවිතා කරන එක උන්වහන්සේ ට කරන අගෞරවයක් විදියටයි මම නම් දකින්නෙ.
ඔයාලත් හිතලා බලන්න, මං කියනවට ම නෙවෙයි. යමෙක් කියන දෙයක් ඒ විදියටම පිළි නොගෙන ඒ ගැන තම නුවණින් විමසා බලා නිගමනයකට එන්න අයිතිය ඇති බව බුදු රජාණන්වහන්සේ ම වදාරලා තියෙනව නෙ.
මේක ඇත්ත කියලා හිතෙනව නම් මේ සැරේ වෙසක් එකට අන්තර්ජාලෙ බෞද්ධ අපි හැමෝම අපගේ බෞද්ධත්වය නිරූපණය කරන්න profile picture එක ලෙස බෞද්ධ කොඩිය යොදා ගමු. යමක් ගත්තා නම් නොදන්න අයවත් දැනුවත් කරන්න මේ ලිපිය බෙදා ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි!
"විසි කරන්න බෑ අම්මා.. ඔය ඔක්කොම බුදු හාමුදුරුවො ඉන්න වෙසක් කාඩ්!"

෴ --------------------------------------- ෴
තවත් දෙයක් මතක් කරන්න ඕනෙ කියලා හිතුනා. වෙසක් කාලෙට මේ අන්තර්ජාලෙ සැරිසරන අපි ඔය නිතර යන එන සමාජ ජාල වෙබ් අඩවි වල (Facebook, blogger, twitter, Elakiri, etc.) අපේ නිරූපක රූපය, නැත්තම් profile picture එක වෙනස් කර ගන්නවා. පහු ගිය වෙසක් කාලෙදි මං දැක්කා කිහිප දෙනෙක් ම බුදු රුව තමන්ගෙ profile pic එක විදියට දා ගෙන හිටියා. මේ වැඩේ හරිද??
Profile picture එකකින් වෙන්නෙ තමාව රූපමය විදියට හඳුන්වා දීමක්, නේද? එතකොට අපි අපේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් ඒකට භාවිතා කරන්නෙ කොහොමද? උන් වහන්සේ මෙතෙක් මෙලොව බිහි වුන අසමසම උත්තමයෙක්. ඉතින් එහෙව් පූජනීය රුවක් අපි භාවිතා කරන එක උන්වහන්සේ ට කරන අගෞරවයක් විදියටයි මම නම් දකින්නෙ.
ඔයාලත් හිතලා බලන්න, මං කියනවට ම නෙවෙයි. යමෙක් කියන දෙයක් ඒ විදියටම පිළි නොගෙන ඒ ගැන තම නුවණින් විමසා බලා නිගමනයකට එන්න අයිතිය ඇති බව බුදු රජාණන්වහන්සේ ම වදාරලා තියෙනව නෙ.
මේක ඇත්ත කියලා හිතෙනව නම් මේ සැරේ වෙසක් එකට අන්තර්ජාලෙ බෞද්ධ අපි හැමෝම අපගේ බෞද්ධත්වය නිරූපණය කරන්න profile picture එක ලෙස බෞද්ධ කොඩිය යොදා ගමු. යමක් ගත්තා නම් නොදන්න අයවත් දැනුවත් කරන්න මේ ලිපිය බෙදා ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි!
Monday, February 6, 2012
Wallpapers දානකොට මේ ගැනත් හිතන්න..
මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.
වෝල්පේපර් එකක් තෝර ගන්නකොට ලස්සන විතරක් සලකල හරි යන්නෙ නෑ. පාට, ආලෝකය වගේ දේවල් ගැනත් හිතුවොත් අපේ ඇස් වලට වගේම මනසටත් යම් සහනයක් ලබාගන්න පුලුවන්.
ගොඩාක් දීප්තිමත් එළි සහිත wallpapers දාගත්තම ඇහැට අමාරුයි. බලන්න පහළ රූපය..
අනිත් කරුණ තමා පින්තූරෙ ත්‍රිමාන ව බැලුවම පෙනෙන විදිය. පහළ රූපෙ බලන්න. ඔහොම එකක් desktop එකට දාගත්තම පේන්නෙ අත්ත තිරය ළඟම තියෙනවා වගෙයි. ඒ කියන්නෙ අපි රූපයේ ගැඹුර (z) ගැන හිතනව නම් මේ රූපයේ ගැඹුරක් නැති තරම්. වෙන විදියකට කියනව නම් අපි පරිගණකය පාවිච්චි කරනකොට මේ පින්තූරෙ focus වෙලා තියෙන්නෙ ඇසට බොහොම ලඟින්.
දැන් බලන්න මේ රූපය:
බැලූ බැල්මට මේ පින්තූරෙ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නෙ ත්‍රිමාන ගතියක්. ඔයා ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන ගතියක් තේරෙනවා නේද? කලින් රූපයත් එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තේරෙයි.
ඇත්තටම එහෙම තිරයෙන් පිටිපස්සට නාභිගත වෙනවා වගේ පේන wallpaper එකක් දාගත්තම ඇස්වලට දැනෙන වෙහෙස අඩු වෙනවා. විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙමනෙ, ඈත බලනකොට තමා ඇස්වලට සනීපයක් දැනෙන්නෙ (ඈත තියෙන පොඩී දේවල් බලනකොට නෙවි, නිකන් ඈත බලන් ඉන්නකොට).
ඔයාලා මේ වෙනකල් මේ ගැන හිතලා තිබුනෙ නැත්නම් දැන්වත් වෙනස වටහා ගන්න. wallpaper එකක් තෝර ගන්නකොට හැකිතාක් ද්විමාන (2D) රූප නැතුව ත්‍රිමාන (3D) රූප යොදාගන්න. :)
පෝස්ට් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා ;)
ප. ලි. : මේ ලිපියට පළවුන ප්‍රතිචාරයක් නිසා මේක කියෝලා වැරදි වැටහීමක් ලැබෙනවද කියලා හිතුනා. මේ විදියෙ 3D wallpaper එකක් භාවිතා කලා කියලා දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා හිඳීම නිසා ඇස්වලට ඇති වෙන විඩාව මඟ ඇරෙන්නෙ නෑ. කොහොමත් ඔයාලා වැඩ කරන හැම තිස්සෙම wallpaper එක පේන්නෙ නෑනෙ. ඒක නිසා මෙහෙම කලා කියලා ඇස ආරක්ෂා වෙයි කියල හිතන්න එපා. ඇසට යම් සැහැල්ලුවක් තමා ලැබෙන්නෙ. ඒක නිසා පැය බාගෙකට සැරයක් වත් පරිගණකයෙන් ඇස් ඉවත් කරලා විවේකයක් ගන්න අමතක කරන්නත් එපා.

Thursday, November 17, 2011
Lecture slides ලස්සනට print කරමු
දැන් කාලෙ ගොඩක් කැම්පස් වල lectures කරන්නෙ Powerpoint slides හදලා projector එකක් පාවිච්චි කරල නෙ. ඒ ගැන විස්තර කියන්නෙ නෑ මං, ඔයාල දන්නවනෙ. මේ slides බොහෝ විට ළමයින්ට ලැබෙනවා. ඉතින් කට්ටිය කරන්නෙ ඕවා print කර ගන්න එකනෙ. ඔව් ඒක තමා හොඳම විසඳුම. Computer එකේ තියන් ඕව බලනවා කියන්නෙ මහ එපා වෙන වැඩක් නෙ.
සාමාන්‍යන් ඒ වගේ lecture slide එකක slides 10-12 ක් වගේ හෝ 60-70 ක් වගේ උනත් තියෙනවා. ඕවා ඉතින් පිටුවට එක ගානෙ print නොකර අපි කරන්නෙ MS Word layout එකෙන් එක පිටුවට slides 4,6 හෝ 9 ක් එන්න හදලා ප්‍රින්ට් කරන එකනෙ. ඒ උනාට Word වලින් ඔහොම කරන එක තේරුමක් නෑ. මොකද පිටුවකට 6ක් ගත්තත් බොහොම පොඩියට වදින්නෙ. පාඩම් කරන්න ගියාම එපා වෙනවා.
| MS Powerpoint- Slides 9ක් එකට |
ඔහොම නැතුව මේ වගේ ලොකුවට print කර ගත්තොත් නම් වැඩේ ගොඩනෙ. ගානත් ඉතුරුයි, නෝට් එකත් පැහැදිලියි. :)
ඔය උඩ රූප දෙකම A4 ප්‍රමාණයේ පිටු. image කරලා පොඩි කරන කොට පරිමාණ පොඩ්ඩක් වෙනස් වෙලා. ගනන් ගන්න එපා!
තව විස්තර ඕනෙ නෑ, මෙහෙම ලස්සනට අපේ Powerpoint slides ටික print කරන්න උපාකාරී වෙන්නෙ PrimoPDF කියන නොමිලේ දෙන මෘදුකාංගයක්. මේක www.primopdf.com කියන වෙබ් අඩවියෙන් නොමිලෙම බා ගන්න පුලුවන්.
බාගත කරගෙන install කර ගත්තම මේක පෙන්නන්නෙ printer එකක් විදියට:
හරි! දැන් ඊලඟ පාර PP slides print කරනකොට printer එක හැටියට මේක තෝරන්න:
ඊලඟට ඔය එතනම පහලින් තියෙන Printer Properties වලට ගිහින් පිටුවකට ඕන slides ගාන දෙන්න. පිටුවකට කොච්චර දෙනවද කියලා ඔයාලා තීරණය කරන්න.
ඕක OK කරලා Print button එක ඔබන්න. එන window එකේ default button එක හෙවත් Create PDF click කරලා එන window එකේ file path එක ලබා දෙන්න.
දැන් ඒ දුන්න පාත් එකේ අදාල PDF එක හැදිලා ඇති (path එක OK කලාම file එක open වෙනවා). දැන් කරන්න තියෙන්නෙ ඒ PDF එක අරන් normal printer එකක A4 size එකෙන් print කර ගන්න.
එච්චරයි!
link එක: ෴ මෙතන ෴
ප.ලි: මේ විදියට slides print කරන එකට අමතරව PrimoPDF එක මට නම් ගොඩාක් උදව් වෙලා තියෙනවා. ප්‍රධාන ම වටිනකම තමා ඒක මුළු computer එකටම printer එකක් ලෙස ක්‍රියා කිරීම. ඒකෙන් web page එකක් right click කරලා Print.. දුන්නත් ඒ පිටුව PDF එකක් හැටියට Save කර ගන්න පුලුවන්. ඒ වගේ. පාවිච්චි කරල ම බලන්න. :)
Monday, October 10, 2011
IQ Test වලට යන අයට..
ඉල්ලුම් කරපු රස්සවකින් මේ ලඟදි කතා කරලා IQ Test එකකට එන්න කිව්වා අහවල් දවසෙ උදේ 10ට. එන්න කිව්වෙ දවස් දෙක තුනකට පස්සෙ නිසා ඒ වෙලාවෙ හිතුවා පස්සෙ search පාරක් දාලා ප්‍රශ්න ටිකක් බලා ගන්නව කියලා. කොහොම හරි වැඩේ මතක් උනේ ඊට කලින් දවසෙ රෑ 11 ට විතර.. IQ වල පාඩම් කරන්න දෙයක් නැති උනත් ප්‍රශ්න ටිකක් කරලා ටිප්ස් වගේ එව්වා ටිකක් කියෝලා ගියාම වටිනවනෙ. ඉතින් මතක් වෙච්ච වෙලාවෙ google මොලේ පාවිච්චි කරලා දුන්න පළවෙනි ම වෙබ් අඩවියට ගියා. හරි! පේපර් එකක් කරන්න තියෙනව.. විනාඩි 13 ට ප්‍රශ්න 30ක් වගේ. වැඩි වෙලා යන්නෙත් නැති නිසා ඒක කරන්න ගත්තා. ඉතින් කොහොම හරි කරලා ඉවර වෙලා නම, ගම එහෙමත් එන්ටර් කරලා හරි වැරදි බලන්න යද්දි කියාපි $10 ක් ගෙවන්නයි කියලා! අයියෝ මගෙ sleeping time එක කියල හිතුන. ඉතින් ඔක්කොමත් පැත්තකින් තියලා නිදා ගත්තා.
පහු වෙනිදා ඉතින් වැඩේට ගියා. ප්‍රශ්න 40ක් පැයෙන් කරන්න තියෙන්නෙ. ඊයෙ කරපුවත් වඩා දරුණු ගණයේ ගැටළු තියෙන්නෙත්. ආයෙ මොනාද.. ඔක්කොම කරන්න වෙලාව මදි. උත්තර ටික අරන් යන්න එනකොට අර උත්සහ කරන්න තියා කියවන්නවත් බැරි උන ප්‍රශ්න ටිකට ඉස්කෝලෙ පුරුද්දට වගේ 'කනා' ගහලා පත්තරේ බාර දුන්න. ඉවර වෙලා යනකොට තමයි දැන ගත්තෙ IQ වල කනා ගහන්නෙ නෑ කියලා!
කතාව ඇත්තනෙ.. අපි කනාවට ගහපු උත්තරේ වරි ගියා නම් අවුලක් නෑ, වරදුනා නම් ඒ කියන්නෙ අපිට ඒ ප්‍රශ්නෙ බෑ කියන එක, නැත්තම් තේරුම් අරන් වැරදී කියන එක. හරියටම කියනව නම් මෝඩයි කියන එක.. :(
මට වැරදුන තැන තව කෙනෙක්ටත් වරදින්න ඕනෙ නෑනෙ. ඒකයි මේක ලිව්වෙ. ඔයාලත් කවදා කොහෙ හරි IQ test එකක් කරන්න ගියොත් මේ කාරණාව මතක තියා ගන්න. IQ test හෙවත් බුද්ධි පරීක්ෂණයකදි නොදන්න ප්‍රශ්න වලට වත් වෙලා මදි උන නිසා වත් කනා ගහන්න එපා. ඒක ඒ ප්‍රශ්නෙ නොකර අත් අරිනවට වඩා බරපතලයි.
ඒ වගෙම කියන්න ඕනෙ, අන්තර්ජාලයෙ ඕන තරම් නොමිලේ කරන්න පුලුවන් IQ tests තියෙනවා. ඒ වගේ දේකට යන්න කලින් ටිකක් උත්සාහ කරලා යන්න. ඇත්ත පරීක්ෂණයට සැහැල්ලුවෙන් මුහුණ දෙන්න පුලුවන් වෙයි. :)

Tuesday, May 3, 2011
අම්මගෙන් බැනුම් නොඅසා බිත්තියේ පින්තූර අලවමු
තමන්ගෙම කාමරේ උනත් බිත්තියෙ එක එක එව්වා අලෝනකොට අම්මල ගෙන් බැනුම් අහන්න වෙන්නෙ ඒවා කැත නිසාම නෙමෙයි. ඇණ ගහුවොත් ගැලෙව්වම බිත්තිය පළුදු වෙනවා, නැතුව ගම් වගේ දෙයක් ගාලා ඇලෙව්වොත් ගලෝන කොට තීන්ත තට්ටුවත් ගැලවෙනවනෙ. ඔන්න ඔය වෙගේ හේතු නිසා තමා ඔය පින්තූරයක් තියා ආවර්තිතා වගුවක්, සමීකරණ ලියපු කොලයක් වත් බිත්තියක අලෝගන්න නැත්තෙ.
ඕකට පොඩි විසඳුමක් කියන්නයි මේ ලිපිය ලියන්න හිතුනෙ. මොනා හරි බිත්තියෙ අලෝනකොට ගම් වෙනුවට සිග්නල් හරි වෙන මොනවහරි දන්තාලේපයක් පාවිච්චි කරන්න! ගම් ගෑවා වගේම බිත්තියෙ ඇලවිලා තියෙයි. ටික කාලෙකින් ඒ කොලේ ගැලෙව්වත් බිත්තියෙ හිටින දත් බෙහෙත් පැල්ලම තෙත රෙදි කෑල්ලකින් හෙමින් පිහ දැම්මම අයින් වෙනවා. බිත්තියටවත් පේන්ට් එකට වත් කිසිම හානියක් වෙන්නෙ නෑ :)
හැබැයි ගොඩක් ලොකු, බර එව්වට නම් හරි යයිද මන්දා.. ඔයාලත් ට්‍රයි කරලාම බලන්නකො..

Sunday, May 1, 2011
කඩුවට උදව්වක්..
අපි සාමාන්‍යෙන් කඩ්ඩ කියන්නෙ ඉංග්‍රීසි බාසවට කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඉතින් මේ කඩුව පාවිච්චි කරන වෙලාවල අපේ අයගෙන් බොහොම සුලබ ව දැකපු වැරැද්දක් ගැන කියන්නයි හැදුවෙ..
ඔයාලත් ගොඩක් වෙලාවට අහලා ඇති ඉංග්‍රීසියෙන් කතා කරන කොට කට්ටිය 'the' කියන පදය 'ද' සහ 'දි' ලෙස උච්චාරණය කරනවා. විශේෂයෙන් ඔය 'දි' කියන එක හැම තිස්සෙම ගොඩක් බර කරලා කියන අවස්ථාවල් ඔයාලා ඕනෙ තරම් අහලා දැකලා ඇති.
ඒත් ඔය 'දි' කියලා කරන උච්චාරණය ඉංග්‍රීසියෙදි කරන්නෙ ඉස්ටැයිල් එකට නෙවි. 'the' එක්ක ඊළඟට එන වචනෙ Vowel එකක් නම් විතරයි ඒක එහෙම කියන්නෙ. නැත්තම් නිකන්ම 'ද' කියලා උච්චාරණය වෙන්න ඕනෙ.
උදා: 'දි' - Area, Earth, Island, Ocean, Umbrella...
'ද' - Ball, Moon, Sea, Monkey, Dog, Cat...
මේක අපි වගේ පොඩි මිනිස්සු විතරක් නෙවි TV එකේ ඉංග්‍රීසි නිවේදකයොත් වරද්දනවා ඇහිලා තියෙන නිසයි මේක ලියන්න හිතුනෙ. ඔයාලත් නොදැන එහෙම කලා නම් දැන් හදා ගන්න පුලුවන් නේ!
ප.ලි: මං මේ කඩු විශාරදයෙක් නෙවි හොඳේ.. ඉගෙන ගත්ත දෙයක් කිව්වෙ. මේකෙන් කාට හරි උපකාරයක් උනා නම් සන්තෝසයි. :)

Subscribe to:
Posts (Atom)