Sunday, July 22, 2012

Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

අපි සාමාන්‍යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ? සෑහෙන්න කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. දැන ගත්ත දේවල් බෙදා ගන්න ඕනෙ නෙ, ඒකයි මේක ලියන්නෙ. (තේරෙන්නෙ නෑ වගෙ නම් අන්තිම ඡේදෙ විතරක් කියවන්න!)


පරිගණකවල දත්ත හසුරවන්නෙ binary format හෙවත් දෙකේ පාදයෙන් (0 & 1) කියලා දන්නවනෙ. ඉතින් අපි පාවිච්චි කරන පරිගණක, ජංගම දුරකතන වල storage capacities, file sizes එහෙම කියන්න පාවිච්චි කරන ඒකකත් ගණනය කරන්නෙ binary විදියටමයි.මේ නිසා අපි සාමාන්‍යයෙන් කිලෝ (kilo) කියන්නෙ 1000ක් (103) උනාට binary වලදි මේක චුට්ටක් වෙනස් වෙලා කිලෝ එකක් 210 = 1024 ක් වෙනවා. එතකොට Byte එකෙන් පටන් ගත්තහම

   1 Kilobyte (KB) = 1024 Bytes (B)
   1 Megabyte (MB) = 1024 KB = 1 048 576 B
   1 Gigabyte (GB) = 1024 MB = 1 073 741 824 B

ආකාරයෙන් ගණන් කෙරෙනවා. එතකොට 16 GB කිව්වොත්,
16 GB = 16 384 MB = 16 777 216 KB = 17 179 869 184 B විදියට තමා පරිගණකය සලකන්නෙ.

නමුත් මේ අපේ storage devices manufacturers ලගෙ තියෙන්නෙ වෙනම standard එකක්. ඒගොල්ලන්ට ගණන් ටිකක් අමාරු හින්දා වෙන්න ඇති ගණනය කිරීම් කරනකොට පාවිච්චි කරන්නෙ computer standard එක වෙච්ච දෙකේ පාදය නෙවි, සාමාන්‍යෙන් භාවිතා කරන decimals හෙවත් දහයෙ පාදය. ඒ කියන්නෙ එයාලා කිලෝ කියන්නෙ 1000 ක් මිසක් 1024 ක් නෙවි. ඉතින් එයාලගෙ ක්‍රමේට සලකා බැලුවම ඒකක තීරණය වෙන්නෙ මේ විදියට:

   1 Kilobyte (KB) = 1000 Bytes (B)
   1 Megabyte (MB) = 1000 KB = 1 000 000 B
   1 Gigabyte (GB) = 1000 MB = 1 000 000 000 B

එතකොට එයාලා 16 GB කියන්නෙ,
16 GB = 16 000 MB = 16 000 000 KB = 16 000 000 000 B වෙන බයිට් ප්‍රමාණයකට.
ඒ විදියට බැලුවාම අපි 16 GB pen එකක බයිට්ස් 17 179 869 184 ක් බලාපොරොත්තු උනාට ඇත්තට තියෙන්නෙ 16 000 000 000 ක් වගේ ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙන ගානට වඩා බයිට්ස් 1 179 869 184 ක් (1.1 GB විතර) අඩුවෙන්.
1 179 869 184 B = 1 152 216 KB ~= 1125.21 MB  ~= 1.1 GB

ඒ විතරක් නෙවි කියන සයිස් එක අඩු වෙන්න තව හේතු තියෙනවා:

  • ඔය කියන්නෙ නිෂ්පාදිත සයිස් එකනෙ. pen / hard disk එක format කලාට පස්සෙ මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඒ ප්‍රමාණ format කරන technology එක අනුව (eg: FAT16, FAT32, NTFS, etc.) වෙනස් වෙනවා.
  • තව ඉතින් නිශ්පාදිතයා අනුවත් (eg: Hithachi, Kingston, Seagate, etc.) ඔය ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒවා ගැන එච්චර වද වෙන්න එපා


උඩ තියෙන කතාව ම තේරුන් නැත්තම් අල්ලලා දාන්න. දැන ගන්න ඕනෙ ඔය storage devices හදන අය පාවිච්චි කරන්නෙ "1 GB equals one billion bytes" කියන තියරි එක (comuter එක ගණන් හදන්නෙ 1 GB = 1 073 741 824 bytes කියලා අරන්).  ඕගොල්ලො ගන්න ඕනම pen එකක හෝ hard disk එකක කවරෙ මේ ගැන අනිවාර්යෙන් සඳහන් කරලා තියෙන්නෙ, කුරුමිණි අකුරෙන්. හොඳට බලන්න ;)

මේ තියෙන්නෙ Seagate 500GB hard disk පෙට්ටියක කියලා තියෙන එක

සිංහලෙන් කිව්වට තේරෙන් නැත්තන් මේවයෙ බලන්න: Link 1, Link 2

රැඳී සිටියාට ස්තුතියි.. නැවත හමුවෙමු!

Thursday, June 14, 2012

19 inch Samsung Monitor එක පාවිච්චි කරන අයට..


Quality ත් හොඳයි size එකත් හරි ගානත් අඩුයි.. අවුලකට තියෙන්නෙ වෙන මොනිටර් වල වගේ brightness, contrast, alignments වගේ settings වෙනස් කරන්න විදියක් නෑ. තියෙන්නෙ power on/off බොත්තමක් විතරයි. මං මේ කියන සැම්සුන් අඟල් 19 මොනිටර් එක තියෙන සහ ගන්න බලපු අය ඔය කතාව දන්නව ඇති.

ඒ වගේ ම දැනගෙන හිටියද Samsung සමාගම මේ අඩුව පුරවන්න හඳුන්වා දීපු විකල්පය ගැන? ඒ තමා MagicTune කියන පොඩි software එක. එයාලගෙ website එකේ කොනක තියෙන්නෙ. ලින්ක් එක පහල ඇති. Download කරන කොට latest Premium version එක බා ගන්න.


ඕක install කර ගත්තම මොනිටරේ settings ඔක්කොම කර ගන්න පුලුවන්. මොනිටරේ තියාගෙනත් මේ ගැන නොදැන හිටිය නම් දැන් ම බාගෙන බලන්න. install කරන හැටි, settings හදන හැටි කියා දෙන්න ඕනෙ නෑ. හරි ම පහසුයි!
කවුරු හරි මොනිටරයක් ගන්න යනව නම් දැන් ම කියන්නෙ, බොත්තං අඩු නිසා එහෙම මේක නොගෙන ඉන්න එපා! දැන් විසඳුම දන්නවනෙ.

එහෙනම් මෙන්න ලින්ක් එක: මෙතනින් යන්න

Thursday, June 7, 2012

Kapz Block: අන්තර්ජාල සබඳතාව වරින් වර බිඳ වැටීමෙන් සිදුවන පාඩුව අවම කර ගනිමු

පරණ පෝස්ට් එකක් නැවත පළ කරන්න හිතුනෙ ගොඩක් අය දැකපු නැති පෝස්ට් එකක් වගේ ම අළුත් පෝස්ට් එකක් ලියන්න වෙලාවක් වෙන් වුනේ නැති හින්දමයි. චූඩා මාණික්‍යයේ කතාව නොහොත් ඊළඟ පෝස්ට් එකෙන් හමු වන තුරු මේක බලන්න. :)
Kapz Block: අන්තර්ජාල සබඳතාව වරින් වර බිඳ වැටීමෙන් සිදුවන පාඩුව අවම කර ගනිමු

Thursday, April 26, 2012

වෙසක් සමයේ දී බුදු රුවට ගරු කරමු

"මොනාද ළමයො මේ කාඩ් ගොඩ?? වීසි කරලා දාන්නකො.."
"විසි කරන්න බෑ අම්මා.. ඔය ඔක්කොම බුදු හාමුදුරුවො ඉන්න වෙසක් කාඩ්!"

ගෙදරකින් ඇහුන පොඩි දෙබසක්. පොඩි දෙබසක් උනත් ලොකු අරුතක්. වෙසක් එකට කාඩ් යවන එක ලොකු කුඩා කොයි කාගෙත් සිරිතක්. වෙසක් කාලෙට ඒ සඳහා ම ඉදි වෙන කඩවල එක එක විදියෙ රූප එක්ක කාඩ් ඕන තරම්. අපිත් ඉතින් වෙසක් නම් ඉතින් බුදු සාදු ම තමා කියලා බුදු රුව තියෙන කාඩ් ම තෝර ගන්නවා. ඊට පස්සෙ කට්ටියට යැව්වයි කියමුකො.. ඊට පස්සෙ??



ඒ ගැන හිතුවෙ නෑ නෙහ්? හිතන්නෙ නෑ අපි ඒ ගැන ගොඩක් වෙලාවට. ඔන්න කාඩ් එකතු කරන කෙනෙක් ට (මං වගේ!) දුන්නොත් ඒක අරන් තියා ගනීවි. නැත්තම් ලස්සනට මේසෙ උඩ හිටෝලා තියයි ටික කාලයක් යනකන්, ඊට පස්සෙ ආගිය අතක් නෑ කාඩ් එක. එක්කො බිම වැටිලා අතු ගාගෙන ගිහින්, නැත්තම් මෙන්න පෑගි පෑගි තියෙනවා, විය හැකියාවන් බොහෝමයි. හිතලා බලන්නකො ඔයාට උනත් මෙච්චර කාලෙකට ලැබුන ඒ වගේ කාඩ් දැන් කොහෙද? ඒවට මොකද උනේ කියලා!

අප මහා බෝසතාණෝ ඒ විදියට සැලකුම් ලැබිය යුතු කෙනෙක් ද? ඇයි අපි ඒ උත්තරීතර බවට, ශ්‍රේෂ්ඨ බාවයට අවමන් කරන්නෙ? බුදු රුව සහිත කාඩ් ලස්සනයි චාම් තමයි. ඒත් ඒකට නිසි ගෞරවයක් ලැබුනෙ නැත්තම්.. අපිටමයි පව් පිරෙන්නෙත්.

බුදු රුව මුද්‍රණය නොවුනත් අලංකාර සිත් නිවාලන සුබ පැතුම් පත් ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්. ඉතින් මේ පාර ඉඳන් වත් වෙසක් කාඩ් මිල දී ගන්නකොට පොඩ්ඩක් හිතන්න.



෴ --------------------------------------- ෴

තවත් දෙයක් මතක් කරන්න ඕනෙ කියලා හිතුනා. වෙසක් කාලෙට මේ අන්තර්ජාලෙ සැරිසරන අපි ඔය නිතර යන එන සමාජ ජාල වෙබ් අඩවි වල (Facebook, blogger, twitter, Elakiri, etc.) අපේ නිරූපක රූපය, නැත්තම් profile picture එක වෙනස් කර ගන්නවා. පහු ගිය වෙසක් කාලෙදි මං දැක්කා කිහිප දෙනෙක් ම බුදු රුව තමන්ගෙ profile pic එක විදියට දා ගෙන හිටියා. මේ වැඩේ හරිද??

Profile picture එකකින් වෙන්නෙ තමාව රූපමය විදියට හඳුන්වා දීමක්, නේද? එතකොට අපි අපේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් ඒකට භාවිතා කරන්නෙ කොහොමද? උන් වහන්සේ මෙතෙක් මෙලොව බිහි වුන අසමසම උත්තමයෙක්. ඉතින් එහෙව් පූජනීය රුවක් අපි භාවිතා කරන එක උන්වහන්සේ ට කරන අගෞරවයක් විදියටයි මම නම් දකින්නෙ.

ඔයාලත් හිතලා බලන්න, මං කියනවට ම නෙවෙයි. යමෙක් කියන දෙයක් ඒ විදියටම පිළි නොගෙන ඒ ගැන තම නුවණින් විමසා බලා නිගමනයකට එන්න අයිතිය ඇති බව බුදු රජාණන්වහන්සේ ම වදාරලා තියෙනව නෙ.

මේක ඇත්ත කියලා හිතෙනව නම් මේ සැරේ වෙසක් එකට අන්තර්ජාලෙ බෞද්ධ අපි හැමෝම අපගේ බෞද්ධත්වය නිරූපණය කරන්න profile picture එක ලෙස බෞද්ධ කොඩිය යොදා ගමු. යමක් ගත්තා නම්  නොදන්න අයවත් දැනුවත් කරන්න මේ ලිපිය බෙදා ගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි!


Saturday, April 14, 2012

සුබ අළුත් අවුරුද්දක් වේවා !!


ලැබුවා වූ අළුත් අවුරුද්ද මෙය කියවන ඔබටත් ඔබේ පවුලේ සියළු දෙනා ඇතුළු ලක් වාසී සෑම දෙනාටම
යහපත් පැතුම් ඉටුවන,
සතුට සොම්නස රජ වන,
ලෙඩ දුක් අතුරු ආන්තරාවන්ගෙන් තොර වූ
සුබ ම සුබ එකක් වේවා!!
කරන කියන රැකී රක්ෂා දියුණු වේවා!
ඉගෙන ගන්නා අයට ඒ කටයුතු උපරිමයෙන් කර ගැනීමට ධෛර්ය ශක්තිය ලැබේවා!!
෴ මේ නව වසරේ මගේ ප්‍රාර්ථනාවයි ෴

Tuesday, March 27, 2012

Mouse Wheel එකේ වැඩ කිඩ

ඔයා මේ ලිපිය කියවන්නෙ පරිගණකයකින් නම් දැනටමත් එක අතක් ඇත්තෙ mouse එක උඩ! නැද්ද? ;) ඉතින් අපිට නැතුවම බැරි මේ හුරුබුහුටි පරිගණක උපාංගයේ ගොඩ දෙනෙක් නොදන්න mouse wheel එකේ වැඩ දෙක තුනක් කියන්නයි හැදුවෙ.


මේ රෝදෙන් අපි ගන්න ප්‍රයෝජනේ තමා මොකක් හරි ලිපියක / වෙබ් පිටුවක ඉහල පහල යාම. හරි තව වැඩ තියෙනවා තමා, ඔක්කොම කියන්න බෑනෙ. මේ කරුණු දැන ගෙන හිටියද බලන්න..

1. වෙබ් පිටුවල ඇති ලින්ක් එකක් උඩ mouse pointer එක තබා wheel එක click කල විට ඒ ලින්ක් එක browser එකේ අලුත් ටැබ් එකක විවෘත වේ (similar to Right click > 'Open in a new tab' option)

2. දිගු වෙබ් පිටුවක හෝ වෙනත් ලිපියක (Word, pdf ආදී) mouse wheel එක මත click කර mouse එක හැසිරවීමෙන් එම පිටුවේ ඉතා ඉක්මණින් ඉහල පහල යා හැක.
ඉහල පහල කිව්වට මේ විදියට ඒ click කරපු තැන ඉඳන් වටේටම බලා ගන්න පුලුවන්. click කරපු  තැන බලන්න.. මේ වගේ  හතර පැත්තටම ඊතල එනවා. කරලම බලන්න

3. Keyboard එකේ Ctrl key එක press කරගෙන wheel එක කරකැවීමෙන් එම පිටුව විශාල හෝ කුඩා කර ගත හැක.

නොදැන හිටිය නම් ප්‍රයෝජනයක් වෙයි කියල හිතනවා. කියපු විදිය තේරුන් නෑ වගේ නම් හිත හිත දුක් වෙන්න එපා, කරලම බලන්න... ජය වේවා!

Saturday, February 25, 2012

Bootloader එකෙන් Earlier Version of Windows ඉවත් කරමු


PC එක format කරලා අලුතෙන් Windows 7 install කරපු අයට මේ boot screen එක අලුත් දෙයක් වෙන්න බෑ. අලුතෙන් ඉන්ස්ටෝල් කරපු ලින්ක් එක windows 7 කියල පෙන්නද්දි වැඩ කරන්නෙ නැති පරණ option එකකුත් පෙන්නනව මෙලෝ වැඩක් නැති. ඕක අයින් කරගන්න එක බොහොම පහසුවෙන් කරගන්න පුලුවන් එකේ මොන එහෙකට තියන් ඉන්නවද? මෙහෙම කරලා බලන්න:

Command Prompt එක විවෘත කර ගන්න ඕනෙ As Administrator. ඒක කරන විදිය දන්නෙ නැත්තම් පහළ රූපෙ 1 2 3 පිළිවෙලට කරන්න.


දැන් prompt එක open වෙයි  admin privileges එක්ක.

command prompt එකේ bcdedit කියන command එක පාවිච්චි කරලා පුලුවන් දැනට boot manager එකේ තියෙන entrees ටික බලා ගන්න.


මේ ලැයිස්තුව එක එක පරිගණක වල තියෙන OSs අනුව වෙනස් වෙනව හොඳේ. ඉතින් ඔය තියෙන entrees ටිකෙන් අපිට ඕන එකයි එපා එකයි හරියට තෝර ගන්න ඕනෙ. මොකද වැරදි එකක් මකා ගත්තොත් ඉතින් සොරි ම තමා. Entrees වෙන් වෙන් ව අඳුර ගන්නෙ identifier එකෙන්. {current} කියන්නෙ දැන් වැඩ කරන එක. එතකොට ඔය description එකේ කියලා තියෙන දේ තමා අර boot වෙද්දි පෙන්නන්නෙ. (හොඳට බලන්න, එහෙම නේද?)

ඉතින් මකන්න ඕන එක තෝර ගත්තට පස්සෙ පහළ විදියට command එක දීලා වැඩේ ඉවරයක් කරලා දාන්න.

bcdedit /delete IDENTIFIER  /f

IDENTIFIER කියන එකට දෙන්න ඕන කලින් අර list එකෙන් බලලා මකන්න ඕනෙ කියලා select කර ගත්ත entree යෙ identifier එක.


හරි identifier එක පාවිච්චි කරලා command එක හරියට type  කලා නම් ඒ වගේ successful message එකක් එයි. දැන් restart කරලා බලන්න වැඩේ හරි ද කියලා. හරි ගියා නම් පහලින් comment එකක් දාලා යන්න  අමතක කරන්න එපා ඔබේ අත්දැකීම ගැන. කියවන අනික් අයටත් ප්‍රයෝජනවත් වෙයි :)
---
මෙහෙම කරන එක අමාරුයි වගේ නම් BCDEdit කියන පුංචි tool එක පාවිච්චි කරලත් මේ වැඩේ කර ගන්න පුලුවන්. මට නම් ඒකට වඩා මෙහෙම කරන එක ලේසි!
 Tool එක ඕනෙ අය ගන්න: EasyBCD 2.1.2.exe (1.45 MB)