ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.
වෝල්පේපර් එකක් තෝර ගන්නකොට ලස්සන විතරක් සලකල හරි යන්නෙ නෑ. පාට, ආලෝකය වගේ දේවල් ගැනත් හිතුවොත් අපේ ඇස් වලට වගේම මනසටත් යම් සහනයක් ලබාගන්න පුලුවන්.
ගොඩාක් දීප්තිමත් එළි සහිත wallpapers දාගත්තම ඇහැට අමාරුයි. බලන්න පහළ රූපය..
අනිත් කරුණ තමා පින්තූරෙ ත්රිමාන ව බැලුවම පෙනෙන විදිය. පහළ රූපෙ බලන්න. ඔහොම එකක් desktop එකට දාගත්තම පේන්නෙ අත්ත තිරය ළඟම තියෙනවා වගෙයි. ඒ කියන්නෙ අපි රූපයේ ගැඹුර (z) ගැන හිතනව නම් මේ රූපයේ ගැඹුරක් නැති තරම්. වෙන විදියකට කියනව නම් අපි පරිගණකය පාවිච්චි කරනකොට මේ පින්තූරෙ focus වෙලා තියෙන්නෙ ඇසට බොහොම ලඟින්.
දැන් බලන්න මේ රූපය:
බැලූ බැල්මට මේ පින්තූරෙ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නෙ ත්රිමාන ගතියක්. ඔයා ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන ගතියක් තේරෙනවා නේද? කලින් රූපයත් එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තේරෙයි.
ඇත්තටම එහෙම තිරයෙන් පිටිපස්සට නාභිගත වෙනවා වගේ පේන wallpaper එකක් දාගත්තම ඇස්වලට දැනෙන වෙහෙස අඩු වෙනවා. විද්යාත්මකව බැලුවත් ඒක එහෙමනෙ, ඈත බලනකොට තමා ඇස්වලට සනීපයක් දැනෙන්නෙ (ඈත තියෙන පොඩී දේවල් බලනකොට නෙවි, නිකන් ඈත බලන් ඉන්නකොට).
ඔයාලා මේ වෙනකල් මේ ගැන හිතලා තිබුනෙ නැත්නම් දැන්වත් වෙනස වටහා ගන්න. wallpaper එකක් තෝර ගන්නකොට හැකිතාක් ද්විමාන (2D) රූප නැතුව ත්රිමාන (3D) රූප යොදාගන්න. :)
පෝස්ට් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා ;)
ප. ලි. : මේ ලිපියට පළවුන ප්රතිචාරයක් නිසා මේක කියෝලා වැරදි වැටහීමක් ලැබෙනවද කියලා හිතුනා. මේ විදියෙ 3D wallpaper එකක් භාවිතා කලා කියලා දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා හිඳීම නිසා ඇස්වලට ඇති වෙන විඩාව මඟ ඇරෙන්නෙ නෑ. කොහොමත් ඔයාලා වැඩ කරන හැම තිස්සෙම wallpaper එක පේන්නෙ නෑනෙ. ඒක නිසා මෙහෙම කලා කියලා ඇස ආරක්ෂා වෙයි කියල හිතන්න එපා. ඇසට යම් සැහැල්ලුවක් තමා ලැබෙන්නෙ. ඒක නිසා පැය බාගෙකට සැරයක් වත් පරිගණකයෙන් ඇස් ඉවත් කරලා විවේකයක් ගන්න අමතක කරන්නත් එපා.
හොඳ ලිපියක්.. දිගටම ලියන්න :)
ReplyDeletemaxxa article eka machan
ReplyDeletenice idea
ReplyDeletenice idea.......
ReplyDeleteමෙච්චරකල් නොදැකපු පැත්තක් පෙන්නුවට ස්තුතියි!!
ReplyDeletepatta
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteතුන් වැනි wallpaper එකේ ගැඹුරක් පෙනුනත් ඇත්ත්ටම ඇස් දෙක නාභිගත වෙලා තියෙන්නෙ මොනිටරයේ තිරය මතට පමනයි.දුර බැලීමෙන් ඇසට ලැබෙන විවේකය ඔය ක්රමයට ලබගන්න බැ.විශාල ප්රදේශයක් දැකීමෙන් හිත්ට යම් සැහැල්ලුවක් දැනෙන්න පුලුවන්.නමුත් පරිඝනක දෙස වැඩි වෙලවක් බලා ඉන්න අය ඇසට විවෙකයක් ලෙස දුර දෙයක් දෙස ස්වල්ප වෙලාවක් බලා සිටිය යුතුයි.මේක ඒකට උත්තරයම් නම් නෙම්යි..
ReplyDeleteඑල
ReplyDeleteඅදහස් දක්වපු හැමෝටම ස්තුතියි! :)
ReplyDelete@ ප්රියන්ත: පරිගණක ත්රිමානකරණයේ සරලම සංකල්පය තමා මේ නැති ගැඹුරක් මවා පෙන්වීම. මේ දෙයාකාරයේ wallpapers භාවිතයෙන් දැනෙන වෙනස ගැන පෙන්නන්නයි ඕන උනේ. ඔබ කියපු දෙයට එකඟයි. අදහසට ස්තුතියි! මේ ගැන කියලා ආයෙ පෝස්ට් එක එඩිට් කරන්නම්
ReplyDeleteහොද ලිපියක් ලස්සන දර්ශන හැමවීටම හිතටසහනයක්
ReplyDeleteඅනිවා.. බෝම ස්තුතියි!
Deleteඇත්තටම මේ ගැන හරියට දැනගත්තේ දැන් තමා... ස්තුතියි දැනුවත් කලාට
ReplyDelete:)
Deleteanne ayye wallpaepr ekad iha balan inna nemeine teyenne.weda karanna eka oyata terenne nedda
Deleteඇත්තමයි අදමයි දැන ගත්තේ මේ ගැන ඔයාට ගොඩක් ස්තුතී.........තව පොස්ට් දාන්න.
ReplyDelete