Sunday, July 22, 2012

Hard disks, flash drives වල කියන size එක නැත්තෙ මේකයි..

අපි සාමාන්‍යෙන් pen එකක් hard එකක් ගන්න ගියාම 2GB, 8GB නැත්තම් 250GB, 1TB කියලා කිව්වට ගෙදර ගෙනත් බැලුවමනෙ දන්නෙ ඇත්තටම ඒ කියන ගාන ඒකෙ නෑ කියලා. ඇයි එහෙම වෙන්නෙ? සෑහෙන්න කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. දැන ගත්ත දේවල් බෙදා ගන්න ඕනෙ නෙ, ඒකයි මේක ලියන්නෙ. (තේරෙන්නෙ නෑ වගෙ නම් අන්තිම ඡේදෙ විතරක් කියවන්න!)


පරිගණකවල දත්ත හසුරවන්නෙ binary format හෙවත් දෙකේ පාදයෙන් (0 & 1) කියලා දන්නවනෙ. ඉතින් අපි පාවිච්චි කරන පරිගණක, ජංගම දුරකතන වල storage capacities, file sizes එහෙම කියන්න පාවිච්චි කරන ඒකකත් ගණනය කරන්නෙ binary විදියටමයි.මේ නිසා අපි සාමාන්‍යයෙන් කිලෝ (kilo) කියන්නෙ 1000ක් (103) උනාට binary වලදි මේක චුට්ටක් වෙනස් වෙලා කිලෝ එකක් 210 = 1024 ක් වෙනවා. එතකොට Byte එකෙන් පටන් ගත්තහම

   1 Kilobyte (KB) = 1024 Bytes (B)
   1 Megabyte (MB) = 1024 KB = 1 048 576 B
   1 Gigabyte (GB) = 1024 MB = 1 073 741 824 B

ආකාරයෙන් ගණන් කෙරෙනවා. එතකොට 16 GB කිව්වොත්,
16 GB = 16 384 MB = 16 777 216 KB = 17 179 869 184 B විදියට තමා පරිගණකය සලකන්නෙ.

නමුත් මේ අපේ storage devices manufacturers ලගෙ තියෙන්නෙ වෙනම standard එකක්. ඒගොල්ලන්ට ගණන් ටිකක් අමාරු හින්දා වෙන්න ඇති ගණනය කිරීම් කරනකොට පාවිච්චි කරන්නෙ computer standard එක වෙච්ච දෙකේ පාදය නෙවි, සාමාන්‍යෙන් භාවිතා කරන decimals හෙවත් දහයෙ පාදය. ඒ කියන්නෙ එයාලා කිලෝ කියන්නෙ 1000 ක් මිසක් 1024 ක් නෙවි. ඉතින් එයාලගෙ ක්‍රමේට සලකා බැලුවම ඒකක තීරණය වෙන්නෙ මේ විදියට:

   1 Kilobyte (KB) = 1000 Bytes (B)
   1 Megabyte (MB) = 1000 KB = 1 000 000 B
   1 Gigabyte (GB) = 1000 MB = 1 000 000 000 B

එතකොට එයාලා 16 GB කියන්නෙ,
16 GB = 16 000 MB = 16 000 000 KB = 16 000 000 000 B වෙන බයිට් ප්‍රමාණයකට.
ඒ විදියට බැලුවාම අපි 16 GB pen එකක බයිට්ස් 17 179 869 184 ක් බලාපොරොත්තු උනාට ඇත්තට තියෙන්නෙ 16 000 000 000 ක් වගේ ප්‍රමාණයක්. අපි බලාපොරොත්තු වෙන ගානට වඩා බයිට්ස් 1 179 869 184 ක් (1.1 GB විතර) අඩුවෙන්.
1 179 869 184 B = 1 152 216 KB ~= 1125.21 MB  ~= 1.1 GB

ඒ විතරක් නෙවි කියන සයිස් එක අඩු වෙන්න තව හේතු තියෙනවා:

  • ඔය කියන්නෙ නිෂ්පාදිත සයිස් එකනෙ. pen / hard disk එක format කලාට පස්සෙ මේ ප්‍රමාණය තවත් අඩු වෙනවා. ඒ ප්‍රමාණ format කරන technology එක අනුව (eg: FAT16, FAT32, NTFS, etc.) වෙනස් වෙනවා.
  • තව ඉතින් නිශ්පාදිතයා අනුවත් (eg: Hithachi, Kingston, Seagate, etc.) ඔය ගණන් මිනුම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. ඒවා ගැන එච්චර වද වෙන්න එපා


උඩ තියෙන කතාව ම තේරුන් නැත්තම් අල්ලලා දාන්න. දැන ගන්න ඕනෙ ඔය storage devices හදන අය පාවිච්චි කරන්නෙ "1 GB equals one billion bytes" කියන තියරි එක (comuter එක ගණන් හදන්නෙ 1 GB = 1 073 741 824 bytes කියලා අරන්).  ඕගොල්ලො ගන්න ඕනම pen එකක හෝ hard disk එකක කවරෙ මේ ගැන අනිවාර්යෙන් සඳහන් කරලා තියෙන්නෙ, කුරුමිණි අකුරෙන්. හොඳට බලන්න ;)

මේ තියෙන්නෙ Seagate 500GB hard disk පෙට්ටියක කියලා තියෙන එක

සිංහලෙන් කිව්වට තේරෙන් නැත්තන් මේවයෙ බලන්න: Link 1, Link 2

රැඳී සිටියාට ස්තුතියි.. නැවත හමුවෙමු!