Saturday, February 25, 2012

Bootloader එකෙන් Earlier Version of Windows ඉවත් කරමු


PC එක format කරලා අලුතෙන් Windows 7 install කරපු අයට මේ boot screen එක අලුත් දෙයක් වෙන්න බෑ. අලුතෙන් ඉන්ස්ටෝල් කරපු ලින්ක් එක windows 7 කියල පෙන්නද්දි වැඩ කරන්නෙ නැති පරණ option එකකුත් පෙන්නනව මෙලෝ වැඩක් නැති. ඕක අයින් කරගන්න එක බොහොම පහසුවෙන් කරගන්න පුලුවන් එකේ මොන එහෙකට තියන් ඉන්නවද? මෙහෙම කරලා බලන්න:

Command Prompt එක විවෘත කර ගන්න ඕනෙ As Administrator. ඒක කරන විදිය දන්නෙ නැත්තම් පහළ රූපෙ 1 2 3 පිළිවෙලට කරන්න.


දැන් prompt එක open වෙයි  admin privileges එක්ක.

command prompt එකේ bcdedit කියන command එක පාවිච්චි කරලා පුලුවන් දැනට boot manager එකේ තියෙන entrees ටික බලා ගන්න.


මේ ලැයිස්තුව එක එක පරිගණක වල තියෙන OSs අනුව වෙනස් වෙනව හොඳේ. ඉතින් ඔය තියෙන entrees ටිකෙන් අපිට ඕන එකයි එපා එකයි හරියට තෝර ගන්න ඕනෙ. මොකද වැරදි එකක් මකා ගත්තොත් ඉතින් සොරි ම තමා. Entrees වෙන් වෙන් ව අඳුර ගන්නෙ identifier එකෙන්. {current} කියන්නෙ දැන් වැඩ කරන එක. එතකොට ඔය description එකේ කියලා තියෙන දේ තමා අර boot වෙද්දි පෙන්නන්නෙ. (හොඳට බලන්න, එහෙම නේද?)

ඉතින් මකන්න ඕන එක තෝර ගත්තට පස්සෙ පහළ විදියට command එක දීලා වැඩේ ඉවරයක් කරලා දාන්න.

bcdedit /delete IDENTIFIER  /f

IDENTIFIER කියන එකට දෙන්න ඕන කලින් අර list එකෙන් බලලා මකන්න ඕනෙ කියලා select කර ගත්ත entree යෙ identifier එක.


හරි identifier එක පාවිච්චි කරලා command එක හරියට type  කලා නම් ඒ වගේ successful message එකක් එයි. දැන් restart කරලා බලන්න වැඩේ හරි ද කියලා. හරි ගියා නම් පහලින් comment එකක් දාලා යන්න  අමතක කරන්න එපා ඔබේ අත්දැකීම ගැන. කියවන අනික් අයටත් ප්‍රයෝජනවත් වෙයි :)
---
මෙහෙම කරන එක අමාරුයි වගේ නම් BCDEdit කියන පුංචි tool එක පාවිච්චි කරලත් මේ වැඩේ කර ගන්න පුලුවන්. මට නම් ඒකට වඩා මෙහෙම කරන එක ලේසි!
 Tool එක ඕනෙ අය ගන්න: EasyBCD 2.1.2.exe (1.45 MB)

Monday, February 6, 2012

Wallpapers දානකොට මේ ගැනත් හිතන්න..

මේ පෝස්ට් එක බලන ඔබ හැමෝම දන්නවනෙ wallpaper එකක් කියන්නෙ මොකක්ද කියලා. ඔයාලගෙ පරිගණකයෙ තියෙන background එක. අපි කවුරුත් කැමති ඕකට හොඳ ලස්සන පින්තූරයක් දාලා තියා ගන්නෙනෙ. ඕනෙ තරම් පින්තූර නෙට් එකෙන් හොයා ගන්න පුලුවන් කියලා මං කියන්ඩ ඕනෙ නෑ.
ඒ ගැන නෙවෙයි කියන්ට ඕනෙ උනේ. ඔය පින්තූර පාවිච්චි කරන කොට මට තේරුම් ගිය කරුණු දෙක තුනක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුන, ඒකයි.

වෝල්පේපර් එකක් තෝර ගන්නකොට ලස්සන විතරක් සලකල හරි යන්නෙ නෑ. පාට, ආලෝකය වගේ දේවල් ගැනත් හිතුවොත් අපේ ඇස් වලට වගේම මනසටත් යම් සහනයක් ලබාගන්න පුලුවන්.

ගොඩාක් දීප්තිමත් එළි සහිත wallpapers දාගත්තම ඇහැට අමාරුයි. බලන්න පහළ රූපය..


අනිත් කරුණ තමා පින්තූරෙ ත්‍රිමාන ව බැලුවම පෙනෙන විදිය. පහළ රූපෙ බලන්න. ඔහොම එකක් desktop එකට දාගත්තම පේන්නෙ අත්ත තිරය ළඟම තියෙනවා වගෙයි. ඒ කියන්නෙ අපි රූපයේ ගැඹුර (z) ගැන හිතනව නම් මේ රූපයේ ගැඹුරක් නැති තරම්. වෙන විදියකට කියනව නම් අපි පරිගණකය පාවිච්චි කරනකොට මේ පින්තූරෙ focus වෙලා තියෙන්නෙ ඇසට බොහොම ලඟින්.


දැන් බලන්න මේ රූපය:


බැලූ බැල්මට මේ පින්තූරෙ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නෙ ත්‍රිමාන ගතියක්. ඔයා ගොඩක් ඈත තියෙන දෙයක් දිහා බලන ගතියක් තේරෙනවා නේද? කලින් රූපයත් එක්ක සංසන්දනය කරලා බලන්න. වෙනසක් තේරෙයි.
ඇත්තටම එහෙම තිරයෙන් පිටිපස්සට නාභිගත වෙනවා වගේ පේන wallpaper එකක් දාගත්තම ඇස්වලට දැනෙන වෙහෙස අඩු වෙනවා. විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙමනෙ, ඈත බලනකොට තමා ඇස්වලට සනීපයක් දැනෙන්නෙ (ඈත තියෙන පොඩී දේවල් බලනකොට නෙවි, නිකන් ඈත බලන් ඉන්නකොට).

ඔයාලා මේ වෙනකල් මේ ගැන හිතලා තිබුනෙ නැත්නම් දැන්වත් වෙනස වටහා ගන්න. wallpaper එකක් තෝර ගන්නකොට හැකිතාක් ද්විමාන (2D) රූප නැතුව ත්‍රිමාන (3D) රූප යොදාගන්න. :)
පෝස්ට් එක ගැන අදහසක් කියල යන්නත් අමතක කරන්න එපා ;)

ප. ලි. : මේ ලිපියට පළවුන ප්‍රතිචාරයක් නිසා මේක කියෝලා වැරදි වැටහීමක් ලැබෙනවද කියලා හිතුනා. මේ විදියෙ 3D wallpaper එකක් භාවිතා කලා කියලා දිගු වෙලාවක් පරිගණක තිරය දිහා බලා හිඳීම නිසා ඇස්වලට ඇති වෙන විඩාව මඟ ඇරෙන්නෙ නෑ. කොහොමත් ඔයාලා වැඩ කරන හැම තිස්සෙම wallpaper එක පේන්නෙ නෑනෙ. ඒක නිසා මෙහෙම කලා කියලා ඇස ආරක්ෂා වෙයි කියල හිතන්න එපා. ඇසට යම් සැහැල්ලුවක් තමා ලැබෙන්නෙ. ඒක නිසා පැය බාගෙකට සැරයක් වත් පරිගණකයෙන් ඇස් ඉවත් කරලා විවේකයක් ගන්න අමතක කරන්නත් එපා.